by Staff writer 11-08-2020 | 8:24 AM
COLOMBO (News 1st) - වරෙන්තු නිකුත්කර ඇති කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු සැකකරුවන් 05 දෙනා අත්අඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායම් 6 ක් යොදවා තිබේ.
ඒ, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේය.
පොලීසිය පැවසුවේ, සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ මගින් ද ඔවුන් රැඳී සිටින ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගනිමින් ඇති බවයි.
කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 7 වැනි දා නිකුත් කළ වරෙන්තු නියෝගය කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයා සහ වැඩ බලන පොලිස්පතිවරයා මගින් ක්‍රියාත්මක කිරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික හේවාවසම් මහතා ඊයේ නියෝග කළේ ය.
සැකකරුවන් 5 දෙනාට විදේශගත වීම වලක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔවුනට අධිකරණය මගහැර සැඟවී සිටීමට රැකවරණය ලබාදී ඇති පුද්ගලයින් පිළිබඳව ද විශේෂ විමර්ෂණයක් සිදු කරන ලෙසට ද එහිදී වැඩිදුරටත් නියෝග කරනු ලැබුවේ ය.