ටෙස්ට් පිතිකරුවන් අතර ස්ටීවන් ස්මිත් පෙරමුණේ..

ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ස්ටීවන් ස්මිත් තවදුරටත් පෙරමුණේ..

by Staff writer 10-08-2020 | 1:09 PM

COLOMBO ( News 1st ) : අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් මේ වනවිට නිකුත් කර තිබේ.

නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණ හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් සමත්ව සිටී. මේ අතර පසුගිය දා නිමාවට පත් වූ එංගලන්ත සහ පකිස්ථාන කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ප්‍රදර්ශනය කළ දක්ෂතා අනුව පකිස්ථානයේ ශාන් මසූඩ් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 14 ක් ඉදිරියට පැමිණීමට සමත් විය. ඒ අනුව ඔහුට නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි හිමිව ඇත්තේ 19 වැනි ස්ථානයයි. මේ අතර එංගලන්තයේ ජොස් බට්ලර් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 14 ක් සහ ඔලී පෝප් ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 10 ක් ඉදිරියට පැමිණ තිබේ. එංගලන්තයේ ක්‍රිස් වෝක්ස් නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 18 ක් ඉදිරියට පැමිණ තිබීම කැපී පෙනුණි. මේ අතර පකිස්ථානයේ මොහොමඩ් අබ්බාස් නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී පළමු ක්‍රීඩකයින් 10 දෙනා අතරට පැමිණීමට හැකිව තිබේ.