Facebook සාදයක් වටලා 20 දෙනෙකු දැලේ..

Facebook සාදයක් වටලා 20 දෙනෙකු දැලේ..

by Staff writer 10-08-2020 | 10:55 AM

COLOMBO ( News 1st ) : මිල්ලනිය , බැල්ලන්තුඩාව ප්‍රදේශයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කළ සාදයක් වටලා සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ හෝටල් හිමිකරු ඇතුළු සැකකරුවන් 15 දෙනෙකු හා සැකකාරියන් 5 දෙනෙකු ඒ අතර වන බවයි. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින්, ගංජා සහ මත්පෙති පොලීසිය භාරයට ගැනුණි. අත්අඩංගුවට පත් සැකකරුවන් 17 සහ 60 අතර වයස් සීමාවන්හි පසුවන්නන් ය. ඔවුන් බණ්ඩාරගම , මැල්ලමුල්ල , දෙහිවල , පානදුර , දොඩංගොඩ , වැල්ලන්තුඩාව , යටියන , කඩුවෙල , බොරලැස්ගමුව සහ හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන් අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.