අද දිනයේ කොරෝනා ආසාදිතයින් 25ක්..

සේනපුර පුනරුත්ථාපනයේ 23කට සහ UAE සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා

by Staff writer 10-08-2020 | 9:39 PM

COLOMBO (News 1st) - අද දින (10) මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 25 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ (UAE) සිට පැමිණි දෙදෙනෙකු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 23 ක් දෙනෙකි. ඒ අනුව මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,869 දක්වා ඉහළ ගොස් තිබේ.