ජපානයේ හා කටාර් සිට 176 දෙනෙකු දිවයිනට

විදේශයන්හි සිටි ලාංකිකයින් 176 දෙනෙකු දිවයිනට

by Staff writer 10-08-2020 | 8:16 AM

COLOMBO ( News 1st ) : කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ රටවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 176 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේ ය.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කලමණාකාරවරයා සඳහන් කළේ , ජපානයේ නරීටා සිට ලාංකිකයින් 148 දෙනෙකු දිවයිනට පැමිණි බවයි. 28 දෙනෙකු කටාර්හි දෝහා සිට පැමිණ තිබේ. ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කරනු ඇති.