මෙරට තුළ PCR පරීක්‍ෂණ 171,169 ක්..

මෙරට තුළ PCR පරීක්‍ෂණ 171,169 ක්..

by Staff writer 10-08-2020 | 12:55 PM

COLOMBO ( News 1st ) : කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ PCR පරීක් 171,169 ක් සිදු කර ඇතැයි Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් PCR පරීක්‍ෂණ 680 ක් සිදු කර ඇති බවය. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,844 ක් දක්වා ඉහළ ගියේ ය. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ අසාදිතයින් 254 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. ආසාදිතයින් 2,579 මේ වනවිට සුවය ලබා තිබේ. ඊයේ දිනය තුළදී තවත් කොරෝනා අසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනිණි. Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, එම ආසාදිතයින්ගෙන් දෙදෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් වන අතර, සෙසු පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමු කළ අයෙකු බවයි.