පාර්ලිමේන්තු සභිකයින් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට

පාර්ලිමේන්තු වරම් ලැබූ සභිකයින් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට...

by Staff writer 10-08-2020 | 7:46 AM

COLOMBO ( News 1st ) : මහ මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින් පාර්ලිමේන්තුවේ ලියාපදිංචි කර ගැනීම මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නිල් ඉද්දවෙල මහතා පැවසුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී නාම ලේඛනය ගැසට් කිරීමෙන් අනතුරුව එම ලියාපදිංචි කිරීම් ආරම්භ කෙරෙන බවයි. කිසිදු සභිකයෙක් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව නම ක්‍රමවේදය හරහා සිය ලියාපදිංචි වීම සිදු කරගත හැකි බව ඔහු සඳහන් කළේ ය. නියෝජ්‍ය මහලේකම්වරයා පැවසුවේ ලබන 20 වැනිදාට පෙර එම කටයුතු අවසන් කිරීමට නියමිත බවයි. එහිදී තේරී පත්වූ සභිකයින්ගේ අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම්, ඡායාරූප , ආගම ඇතුළු තොරතුරු රැස්කිරීමට පියවර ගනු ඇති. WWW.PARLIMENT.LK වෙබ් අඩවියෙන් නව ලියාපදිංචිවීම සිදු කළ හැකි බව නියෝජ්‍ය මහලේකම්වරයා පැවසුවේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එම මාර්ගගත ක්‍රමය ජාතික ලැයිස්තුව ගැසට් කිරීමෙන් පසු විවෘත කරන බවයි.