දිවයින අවට තද සුළං තත්ත්වයක් ....

දිවයින අවට තද සුළං තත්ත්වයක් .... අවදානයෙන් සිටින්නැයි , කාලගුණයෙන් දැනුම් දීමක්

by Staff writer 10-08-2020 | 10:34 AM

COLOMBO ( News 1st ) : දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට , ත්‍රීකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල මෙන්ම , මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40 -50 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි. ඒ පිළිබඳ අවදානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙරළ ආසන්නයේ ජීවත් වන ජනතාවට දැනුම් දෙයි. මේ අතර කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමටර් 60 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.