අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමියන් කොහේ ද?

ජාතික ලැයිස්තු මන්ත්‍රී ගැටලුවකට මුහුණදී සිටින අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමියන් කොහේ ද?

by Staff writer 10-08-2020 | 7:57 PM

COLOMBO (News 1st) - පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හා පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් නායකත්වය දුන් අපේ ජනබල පක්ෂයට මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවිය.

නමුත් දැන් ප්‍රශ්නයක් මතුව ඇත්තේ, එම ධුරය නම් කර යැවීම සඳහා බලය ඇති පක්ෂයේ ලේකම් හිමියන් අතුරුදන්ව සිටීමයි. මේ අතර උන්වහන්සේ පක්ෂ ලේකම් ධුරයෙන් ඉවත් කළ බව අපේ ජනබල පක්ෂය අද ප්‍රකාශ කළේ ය. අපේ ජනබල පක්ෂයේ ජාතික සංවිධායක වසන්ත කීර්ති රත්න මහතා,
අපි දැක්කා විවිධ මාධ්‍යවලින් පක්ෂයේ හිටපු තාවකාලික ලේකම් මැතිවරණ කොමිසමට ලියුමක් දීලා තියෙනවා කියලා ඔහු මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා සුදුසුයි ඔහුව තෝරා පක්කර ගන්න කියලා. මම විශේෂයෙන්ම කියන්න කැමතියි එහෙම කොහෙත්ම අපේ පක්ෂය තුළ හෝ මධ්‍යම කාරක සභාව තුළ එහෙම කිසිම තීරණයක් අරගෙන නෑ වෙනත් කෙනෙක් ඒ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය සඳහා පත් කරන්න. ඒකට හේතුව තමයි අපි මේ මැතිවරණ ව්‍යාපාරය ලංකාව පුරාම කිව්වේ ලැබෙන පළමු මන්ත්‍රී ධූරය ඤාණසාර ස්වාමින් වහන්සේට පක්ෂය විසින් නම් කරනවා කියලා. ඒ නිසා කොහෙත්ම අපිට ඒක කඩ කරන්න බෑ.
ප්‍රශ්නය,
දැන් ඔබතුමන්ලාගේ හිටපු ලේකම් ස්වාමීන් වහන්සේ මැතිවරණ කොමිසමට ලියුමක් දාලා තියෙනවා උන් වහන්සේ පත් කර ගන්න කියලා. ඒ ලියුම සම්බන්ධයන් ඔබතුමා මොකද කියන්නේ.
අපේ ජනබල පක්ෂයේ ජාතික සංවිධායක වසන්ත කීර්ති රත්න මහතා,
ඇත්තටම ඔහුගේ ලේකම් ධූරය අපි මේ වන විටත් ඉවත් කර තිබෙනවා. හේතුව මේ මැතිවරණ කාලය තුළ තමයි ඔහුග් පත් වීම කලේ අපේ ස්ථීර ලේකම්වරයා ඉන්නවා. ඔහු නැවතත් වැඩ භාර ගත්තා.
අපේ ජන බල පක්ෂයේ, පාහියංගල ආනන්ද සාගර හිමි,
මේ වනවිට මැතිවරණ නීතිය අනුව අපේ පක්ෂයේ ලේකම්වරයා තමයි මේ මන්ත්‍රීධූරය නම් කර යැවිය යුතු වන්නේ. හැබැයි අපිට තියෙන ප්‍රශ්නය මේ ලේකම්වරයා මේ වනවිට අතුරුදහන් වෙලා තියෙනවා. මේ ලේකම්වරයා ටෙලිෆෝන් එකකට ආන්සර් කරන්නේ නෑ, සමහරක් වෙලාවට එයාට හිතෙන වෙලාවට කතා කරනවා ආයෙත් ෆෝන් එක වැඩ කරන්නෙ නැතුව යනවා. මේවා ජාත්‍යන්තර මැදිහත් වීම මත හෝ එහෙම නැතිනම්,ආගමීක අන්තවාදී මැදිහත්විමක් මත හෝ එහෙම නැත්තම් ආණ්ඩුවේ මැදිහත් වීම මත හෝ විපක්ෂයේ මැදිහත්විම මත හෝ මේ ස්වාමින් වහන්සේව සඟවා සිටනවද කියන සාධාරණසැකය අපිට තියෙනවා.
ප්‍රශ්නය,
දැන් මේ වනවිට ඔය කියන ස්වාමින් වහන්සේ, මැතිවරණ කොමිසමට ලිපියක් භාර දෙන් ඇවිල්ලා තියෙනවානේ, ඊට පස්සේනේ මේ අතුරුදන් වීම වෙන්නේ
අපේ ජන බල පක්ෂයේ, පාහියංගල ආනන්ද සාගර හිමි,
ඒ කියන්නේ මේ කාරණාවෙන් පහු දින, උන් වහන්සේ වාහන කිහිපයක් යොදාගෙන වාහන තුනක් යොදා ගෙන අපිට දැන් තියෙන ආරංචි මාර්ග හැටියට, ආපූ වාහනෙන් දීලා ඊළඟ වාහනෙන් අයෙත් නුගේගොඩින් තව වාහනයකට මාරු කරගෙන අස්ථාන ගත වෙලා තියෙනවා. ඒ දැන ගත්තම අපි ගියා උන්වහන්සේ ගිය වාහන හොයාගෙන. නමුත් ඒක කරගන්න බැරි වුණා.
ප්‍රශ්නය,
දැන් ඔබ වහන්සේලා මේ නාම යෝජනා භාර දෙන අවස්ථාවේ ප්‍රබල දිස්ත්‍රික්කවල නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. මේ සිදුවීම අතර සම්බන්ධයක් තියෙනවා ද?
අපේ ජන බල පක්ෂයේ, පාහියංගල ආනන්ද සාගර හිමි,
පැහැදිලිවම මේවායේ සම්බන්ධයෙක් තියෙනවා. මොකද ඒ හැම නාම යෝජනා පත්‍රයකම තිබ්බේ සරල කාරණා. මොකකද් සීල් එක ගහලා නෑ එහෙම නැත්නම් අත්සන් කරලා නෑ, නැත්තම් කොල තුනේ එකක අත්සන් කරලා නෑ. ඇත්ත ජාතික මතවාදයක් රට ඇතුලේ පැළ කරන්න හදනකොට ඊට එරෙහි කුමන්ත්‍රණවල ප්‍රතිඵල මේ.
https://www.facebook.com/NewsfirstSL/videos/505158313634406/