කොරෝනා අවදානම ගැන සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්..

කොරෝනා අවදානම ගැන සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්..

by Staff writer 10-08-2020 | 7:20 AM
COLOMBO (News 1st) :  පාසල් ආරම්භ කිරීමත් සමග කොරෝනා වසංගතය පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ සිසුන්, දෙමව්පියන්, ගුරුවරුන් ඇතුළු බොහෝ දෙනෙකු යළි සමාජගතවීමත් සමග එම අවදානම මතුවන බවයි. නිර්දේශ කර ඇති සෞඛ්‍ය ක්‍රමවේදයන් තවදුරටත් ඒ ආකාරයෙන්ම පිළිපදින ලෙස ඔහු දැනුම් දෙයි. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 2844 ක් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ අසාදිතයින් 252 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. ආසාදිතයින් 2579 මේ වනවිට සුවය ලබා තිබේ.