එජාපයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්

එජාපයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොතදී...

by Staff writer 10-08-2020 | 12:20 PM

COLOMBO ( News 1st ) : එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් මේ වනවිට පැවැත්වේ.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය. පෙරවරු 10.30 ට පමණ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ වූයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, සාගල රත්නායක, දයා ගමගේ, ජෝන් අමරතුංග, අර්ජුන රණතුංග, පාලිත් තෙවරප්පෙරුම, සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. රැස්වීමට පෙර ඊට සහභාගී වීමට පැමිණි මන්ත්‍රීවරුන් සිය අදහස් පළ කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා "තාම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් තීරණයක් අරං නැහැ. නමුත් පක්ෂයේ ඉහළ තලයේ කෙනෙක් නම් කරන්න නියමිතයි"
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා
"අවුරුදු දෙකක් යද්දි අපි මේක ගොඩ ගන්නවා. මීට වඩා හොඳ නායකයෙක් තවත් කොහේවත් ඉන්නවද? පෙන්වන්න ඉන්නවානම්. ජාතික ලැයිස්තුවෙන් දාන කෙනා පක්ෂයෙන් තීන්දු කරයි"
මාධ්‍යවේදී ප්‍රශ්නය -
ඔබතුමා නෙමෙයිද සුදුස්සා?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා
"නැහැ... නැහැ"