අගමැති කුරුණෑගල ජනතාවට තුති පුදයි!

අගමැති කුරුණෑගල ජනතාවට තුති පුදයි!

by Staff writer 10-08-2020 | 9:51 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තූති කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

තම දේශපාලන දිවියේ ඉතා අසීරු කාලයක මුල්වරට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ තමන්ට දැක් වූ සහය අග්‍රාමාත්‍යවරයා එම නිවේදනයේ සිහිපත් කර ඇත. අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න තව ත් මැතිවරණ වේදිකාවක පොරොන්දු වීමට ඉඩ නොතබා විසඳීමට කටයුතු කරන බවයි. කුරුණෑගලට සීමා නොවී ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව අපේක්ෂා කළා වූ සාමකාමී හා සමෘද්ධිමත් රටක් බිහි කිරීමේ වගකීම දැන් තමන් ඉදිරියේ පවතින බව මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටි. මේ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගාමිණී සෙනරත් මහතා නැවතත් අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට පත්කර තිබේ. ඔහු සිය පත්වීම් ලිපිය අද පෙරවරුවේ ලබාගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිනි. https://www.facebook.com/NewsfirstSL/videos/602922633760531/