අංගොඩ ලොක්කාගේ DNA සාම්පල ඉන්දියාවට

අංගොඩ ලොක්කාගේ DNA සාම්පල ඉන්දියාවට

by Staff writer 10-08-2020 | 5:03 PM

COLOMBO (News 1st) - ලසන්ත චන්දන පෙරේරා නොහොත් 'අංගොඩ ලොක්කා' නැමති පාතාල කල්ලි නායකයා ඉන්දියාවේදී මිය ගියාදැයි නිශ්චිතව තහවුරු කිරීමට ඩී.එන්.ඒ පරීක්ෂණය සඳහා අවශ්‍ය සාම්පල මෙරටින් යවා තිබේ.

මෙම මරණය සම්බන්ධ පරීක්ෂණවලට මේ වනවිට ඉන්දීය ජාතික ඔත්තු සේවය වන රෝ ආයතනයත් දැන් මැදිහත්වී සිටි. ප්‍රදීප් සිං නමින් ව්‍යාජ ලියකියවිලි සකස්කර ආධාර් කාඩ් නමින් හඳුන්වන හැඳුනුම්පතක් ද හිමිකරගෙන සිටි පුද්ගලයා පසුගිය ජුලි 3 වැනි දා ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී මියගොස් තිබුණි. පසුව අමානි තාන්ජි නමැති කාන්තාවක කළ ප්‍රකාශයක් මත මේ පුද්ගලයා 'අංගොඩ ලොක්කා' බවට අනාවරණය කළ අතර එය තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට විද්‍යාත්මක පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ අතර 'අංගොඩ ලොක්කා' නැමැති අපරාධ කල්ලි නායකයාගේ යැයි සැක කරන ටිපර් රථ 3 ක් මුල්ලේරියාව අංගොඩ ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇත. පොලීසිය පැවසුවේ, මෙම ටිපර් රථ මිලදී ගෙන ඇත්තේ 'අංගොඩ ලොක්කා' නැමැත්තාගේ සමීපතම ඥාතීන්ගේ නමින් බවයි. අදාළ ටිපර් රථ අංගොඩ ප්‍රදේශයේ ඉඩම් 3 ක බලහත්කාරයෙන් නවතා ගොස් තිබියදී මෙලෙස සිය භාරයට ගත් බව පොලීසිය පැවසුවේ ය. පොලීසිය සඳහන් කළේ, වැලි ජාවාරම සඳහා මේ ටිපර් යොදාගෙන ඇතැයි සැකකරන බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/2640929112838477/