by Staff writer 10-08-2020 | 10:52 PM
News 1st - ලෙබනන රජය මීට ටික වේලාවකට පෙර ඉල්ලා අස්විය.
ඒ, පසුගිය දා ලෙබනනයේ, බේරූට් අගනුවර සිදු වූ පිපිරීමෙන් පුද්ගලයින් 160 කට අධික පිරිසක් මියයෑමට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතාවට ප්‍රතිචාරයක් ලෙසයි.
මේ බව එරට අග්‍රාමාතය හසන් ඩියාබ් මහතා ජාතිය අමතමින් නිල වශයෙන් නිවේදනය කළේ ය.
මීට පෙර ලෙබනනයේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණි.