COLOMBO ( News 1st ) : එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා අද පක්ෂයේ හිටපු මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දී තිබේ.
පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, නායකත්වය සඳහා නම් 4 ක් යෝජනාවී ඇති බවය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්විය.
රැස්වීමෙන් පසුව තීරණ පිළිබඳව මාධ්‍යට දැනුම්දුන්නේ අකිල විරාජ් කාරියවසම් මහතායි.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා,
අපි විස්වාස කරනවා අනාගතයේ අපි ප්‍රතිසංවිධානය වෙලා ඉදිරි ගමනක් යන්න පුළුවන් කියලා. ඒ වගේම පක්ෂ නායකත්වය පක්ෂ නායකත්වයෙන් ඉවත්වෙන්න තීරණය කරලා තියෙන බව එතුමා දැණුම් දුන්නා. ඒ වගේම පක්ෂයට නව නායකයෙක් පත් කරගන්න සියලු දෙනාගේම අදහස් විමසනු ලැබුවා. ඒ අනුව නම් හතරක් ආවා ඒ නම් හතරත් සමග හෙට නෙවෙයි අනිද්දා පක්ෂ නායකතුමත් එක්ක සාකච්ජා කරලා තීරණයක් අරගෙන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන්න තීරණය කළා.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ජාතික ලයිස්තුවට ඉදිරිපත් කරන්නේ කවු ද?
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා,
ඒ පිළිබඳව මේකෙන් පස්සේ සාකච්ඡා කරන්නේ, නම් හතර රවී කරුණානයක මැතිතුමා මමත් ඒ වගේම වජිර අබේවර්ධන මැතිතුමත් දයා ගමගේ මැතිතුමත් නමත් තමයි ඒ නම් හතරට යෝජනා වුණේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඇයි මේකේ තරුණ නායකත්වයක් හැටියට නවීන් දිසානායක මැතිතුමා
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා,
එතුමා එන නායකයට සහය දෙනවා කියලා කිව්වා.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
රුවන් විජේවර්ධන මහත්මයා ප්‍රකාශ කරා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ඔබතුමාටත් අදහසක් තියෙනවා කියලා.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා,
ඔව් ඒක මේකේ සම්බන්ධය නායකත්වය තේරීමෙන් පසුව තීරණය කරන්න තීරණය කළා.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඒ කියන්නේ පරාද වෙච්ච කට්ටිය ජාතික ලයිස්තුවලට දාන්නේ නෑ කියලා
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා,
නෑ එහෙම කුමන පදනමක් උඩ දානවාද කියලා කියන එක මේ පක්ෂ නායකයා තෝරලා තීරණය කරන්න තමයි අද සාකච්ඡා වුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිකුරාදා රැස්වෙනවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තමයි තීරණය වෙන්නේ.
අද රැස්වීම පිළිබඳව හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද අදහස් පළ කළේ ය.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඔබතුමාට නායකත්වය ලැබෙයි කියලා බලාපොරොත්තුවක් නැද් ද?
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා,
මම එහෙම බලහත්කාරයෙන් තනතුරු පිටිපස්සේ යන පුද්ගලයෙක් නෙවෙයි. හැමෝගෙම කැමැත්ත අනුව එකමුතුව තමයි ඊළඟ නායකත්වය තොරන්න අවශ්‍ය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා,
ඉතිං ඉදිරිපත් වෙලා තියෙනවා. ජෝන් අමරතුංග මැතිතුමාත් බලාපොරොත්තුවෙනවා. ඒවගේම.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
එතුමා ජාතික ලයිස්තුවේ ඉන්නවා කියලා කියනවා?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා,
එතුමා ඉන්නවා. ජාතික ලැයිස්තුවෙත් ඉන්නවා. ඒ වගේම මැතිවරණයට ඉදිරිපත් වූ අයගේ බලාපොරොත්තුවත් තියෙනවා පාර්මේන්තුවට යන්න. ඔතන දැන්.. මං හිතන්නේ 6 හත් දෙනෙක් ඉන්නාව ඉතිං පාර්ලිමේන්තුවේ සීට් එක බලාපොරොත්තුවෙන්, ඉතිං ඒගොල්ලන් එකත් එක්ක සාකච්ඡා කරලා තීරණයක් ගන්නට ඕනා.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
එතකොට කාගේ නමද යෝජනා වුණේ ?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා,
ඒවා රහස් තාම
මාධ්‍යවේදී ප්‍රශ්නය,
දැන් ඔබතුමාන්ලා රහස් රහස් කියලා එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයට පත් වුණා?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා,
නැහැ අවසානෙදී ඉන්නකෝ කොහොමහරි, පරාජය ගැන කතා කරමුකො වෙනම, ඒක වෙනම කතාවක්නේ. දැන් තියෙන්නේ අපේ නායකයෙක් හදාගෙන මේ සතියේ අපි නායකයා ඉදිරිපත් කරනවා. අපි කොහොමහරි නායකයෙක් ඉදිරිපත් කරනවා. කවුරුත් බලාපොරොත්තු නොවන නායකයෙක්.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
නායකතුමා ඉස්තීරවම ඉල්ලා අස්වෙන්නේ කව දා ද?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා,
නායකතුමා විසින්මයි කව්රුත් බල කරලාත් නෙවෙයි. එතුමා විසින්මයි. එතුමාට දැන් සමුගන්න කාලේ හරි.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඒ කියන්නේ එතුමා ඉල්ලා අස්වුනොත් එක්සත් ජාතික පක්ෂයට හොඳ කලක් යයි නේද?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා,
නැහැ එතුමා තමයි පරිණතම නායකයා, මම හැම තිස්සෙම කියන එක. මේ රටේ අවාසනාව එතුමාව කියවා ගත්තේ නැති එක.
