COLOMBO ( News 1st ) : කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ(09) රැස්වී ගත් තීන්දු තීරණ පිළිබඳව මහින්ද අමරවීර මහතා අද අදහස් පළ කළේ ය.
"කොවිඩ් අවදානමේ වැඩිවීමක් නැතුව මැතිවරණය තියන්න පුළුවන් වුණා. ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඔබට අපිට හොද රටක් ගොඩ නගන්න. ජනාධිපතිතුමත් අගමැතිතුමත් කටයුතු කරනවා"
මාධ්‍යවේදී ප්‍රශ්නය -
ඔබතුමා ලබාගත් ජන්ද ප්‍රමාණයට අනුව ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ඇමතිකමක්ද?
මහින්ද අමරවීර මහතා -
"ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා. සාර්ථක අය ගැන එතුමන්ලා දන්නවා. මම භාර දුන්න හැම වගකීමක්ම සාර්ථකව ඉෂ්ඨ කරපු නිසා. මට හොද වගකීමක් භාරදෙයි කියලා ලොකු විශ්වාසයක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ රැස්වුණා. අපි තීන්දු කළේ කිසිදු කොන්දේසියකින් තොරව ජනාධිපතිතුමාට අගමැතිතුමාට මේ රට හදන්න සහයෝගය දෙන්න"