COLOMBO (News 1st) - මෙවර ඡන්දය ගැන රන්ජන් රාමනායක තේරීපත් වූ මන්ත්‍රීවරයා අද කොළඹදී මෙවැනි මතයක් පළ කර තිබුණි.
සමගි ජන බලවේගයේ තේරී පත්වූ මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා,
ආසියාවේ දුප්පත් රටක ඉලෙක්ෂන් එක කියන්නේ මල්ලි රියැලිටි ෂෝ එකක් වගේ. රියැලිටි ෂෝ එකේ ස්පොන්සර්ස්ලා අතේ තමයි වැඩේ තියෙන්නේ. ස්පොන්සර් තමයි තීරණය කරන්නේ කවුද ඉදිරියට එන්නේ කියලා. මේ ඉලෙක්ෂන් කියන රියැලිටි ෂෝ එකේත් ස්පොන්සර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒ ස්පොන්සර්ස් ලා තමයි අමෙරිකාව, ඉන්දියාව, ජපානය, චීනය නාලක ගොඩහේවා මහත්තයා 20ක් එක්ක දුවගෙන එනවා. වැඩකරපු ප්‍රසන්න රණතුංග මහත්තයා මේ පැත්තේ ඉඳන් කියනවා 10,000 ක් අඩුයි කියලා. අපිට 10,000 ක් වැඩියි කියනවා. මම මේ රහසක් හෙළි කරන්නේ. ඇස් දෙකට දැක්කා සියලු අපේක්ෂකයෝ ළඟ මල්ලි, සුනිල් ජයලත්, ඒ මහත්තයා කියන්න ඉස්සෙල්ලා සියලුම දෙනා ගාව ප්‍රතිඵල තිබුණා. ප්‍රතිඵල තියලා, ආ අපිට අඩුයි.. ආයේ යනවා.. ආයේ එනවා.. කොහොමහරි, ගිය පාර ඡන්දයෙන් පැරදිච්ච සරත් වීරසේකර මහත්තයා කොළඹ ඇවිල්ලා විමල් වීරවංශට වඩා ගන්නවා. කොහොමද එහෙම වෙන්නේ. එතකොට මාතර දිස්ත්‍රික්කයේ ඩලස් අලහප්පෙරුම මහත්තයා 4 ට 5 ට එනවා. කාංචන 4ට 5ට එනවා. අලුත්ම එක්කෙනෙක්ට ලක්ෂ ගානක් යනවා. අමෙරිකන් පුරවැසියෝ එනවා එම් සී සී ගිවිසුම අයිති කරගන්න. මුලින් බෑ කියපු ඒවා දැන් 3/2ක් දීලා තියනවා. දැන් 70ක් හොඳයි 30ක් හොඳයි කිය කිය ඉන්න ඕනේ නෑ, අමෙරිකන් පුරවැසියෙක්ම ආවා, එයා ජනාධිපති වුනා. බැසිල් අයියා ආවා අමෙරිකන් පුරවැසියෙක්. එයා ඇවිල්ලා මැතිවරණය කෙරුවා. මුදල් ආවා, ඉතින් දැන් එම් සී සී ගිවිසුමත් හරි යයි. එතකොට වරායේ බහලුම්. ඒකට පී බී ජයසුන්දර මහත්තයාට ඉන්දියාවෙන් කෝල් එකක් අරන් අහන්න උනානේ. ඒවත් කෙරෙයි. නරේන්ද්‍ර මෝදි, ඩොනල්ඩ් ට්‍රම්ප්, ශිම් පේන්, ඔය ස්පොන්සර්ස්ලා ඉන්නවා. ස්පොන්සර්ස්ලාට අවශ්‍ය විදියට තමයි ලංකාවේ ඉලෙක්ෂන්ස් වෙන්නේ. ඒ අතර අපිවත් ටිකක් දානවා. නැත්නම් රියැලිටි ෂෝ එක පේන්නේ නෑනේ හරියට. ඒ හින්දා අපිවත් පොඩ්ඩක් දාලා ෂේප් කරනවා හරි කියලා පෙන්නන්න.
https://www.facebook.com/NewsfirstSL/videos/732229110909574/