by Staff writer 09-08-2020 | 12:38 PM
COLOMBO (News 1st) (12.30 pm) : නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන 12 වැනි දා දිවුරුම් දීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත් මහතා සඳහන් කළේ, මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන බවයි.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය මීට පෙර පැවසුවේ, නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන 14 වැනි දා දිවුරුම් දීමට නියමිත බවය.
================================================================================
COLOMBO (News 1st) (7.00 am): නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන 14 වැනි දා දිවුරුම් දීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත් මහතා පවසයි.
ඔහු පැවසුවේ, දිවුරුම් දීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඵෙතිහාසික මගුල් මඩුවේදී සිදු කිරීමට නියමිත බවය.