by Staff writer 09-08-2020 | 8:20 PM
COLOMBO ( News 1st ) : මෙවර මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට තවරාසා කලෙයි අරසන් නම් කර තිබේ.
කෙසේ නමුත් මෙම තීරණය පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ මෙන්ම ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පිරිසක්ද විරෝධය පල කර තිබේ.
අද මඩකලපුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඉලංගෙයි තමිල් අරසු පක්ෂ මහලේකම් කේ. තුරෙයිරාජසිංහම් මහතා කියා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ සිය පක්ෂයේ නියෝජනය තහවුරු කිරීම සඳහා කලෙයි අරසන් මහතාගේ නම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කළ බවය.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා මැතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ පොරොන්දු වූයේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදෙන බවට පොරොන්දු වෙමිනි.
ඒ අනුව දෙවැනි වැඩිම මනාප ලාභියා වන ෂන්මුගනාදන් කුගදාසන් මහතාගේ ආධාරකරුවන් පිරිසක් සම්බන්ධන් මහතා හමුවීමට ඔහුගේ නිවසට පැමිණියේ ය.
යාපනයේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ කාර්යාලයට රැස්වූ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක සී.වී.කේ. සිවඥානම් ඇතුළු පිරිසක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය මෙවර මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතාට ලබා දිය යුතු බවට තීරණය කර තිබේ.