COLOMBO ( News 1st ) : නව රජය 30කට අඩු කැබිනට් මණ්ඩලයක් පිහිටවනු ඇතැයි අපේක්ෂා කරන බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
" ව්‍යවස්ථානුකූලව තනි ආණ්ඩුවක් පිහිටුවනෙකොට අමාත්‍ය ධූර 30 කට යන්න පුළුවන් මම හිතනවා . ඊට වඩා අඩු සංඛ්‍යාවක් එක්ක ජනාධිපතිතුමත් අග්රාමාත්යතුමත් සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලය 14 වැනිදාට ඉස්සෙල්ලා පත් කරන්න කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා . අනිවාර්යෙන්ම 30 කට නොවැඩි කැබිනට් මණ්ඩලයක් ඒක රටේ ජනතාවගේ බලාපොරොත්තුව හා අපේක්ෂාව . ඒ අපේක්ෂා බිඳ වට්ටන්න ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඉඩ තියන එකක් නෑ. නායකත්වය ලබාදෙන ඕනෑම ඇමතිවරයෙක් හැටියට වැඩ කරන්න මට පුළුවන්කම තියෙනවා .රටක හොඳ විපක්ෂයක් ඉන්න ඕනේ හැබැයි පහුගිය යහපාලනය කාලේ යහපාලනයට සම්බන්ධ වෙච්ච සියලු දේශපාලන පක්ෂ කෙරෙහි ජනාතා විශ්වාස නැතිවුණා . ඒ නිසා තමයි සියලු දෙනාම ගෙදර යන්න මේ රටේ ජනතාව පසුබිම නිර්මාණය කළේ. ඒ නිසා යහපාලනය කරපු වැරදි නිසා මිනිස්සු දුක් විදිනවා ඒ නිසා තමයි ඔය දඬුවම ලබා දෙන්න කටයුතු කළේ "
නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන 12 වැනිදා දිවුරුම් දීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත් මහතා සඳහන් කළේ, මහනුවර ඓතිහාසික මඟුල් මඬුවේදී දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන බවයි.