කහ සහ එනසාල් ජාවාරමක් කොටුවෙයි

හොර පාරෙන් ගේන්න ගිය කහ සහ එනසාල් තොගයක් කොටුවෙයි

by Staff writer 09-08-2020 | 8:11 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ සිට මුහුදු මගින් නීති විරෝධීව මෙරටට ගෙන ඒමට තැත් කළ කහ සහ එනසාල් තොගයක් යුද හමුදා බුද්ධි අංශය විසින් කල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊට සම්බන්ධ බෝට්ටු හිමිකරු ද අත්අඩංගුවට ගත් බවයි. පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ, මෙම කහ හා එනසාල් මෙරට විකිණීම සඳහා රැගෙනවිත් ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකවේ.