විදෙස් කාන්තාවක් අපයෝජනය කිරීමට තැත් කළ අයෙකු කොටු

විදෙස් කාන්තාවක් අපයෝජනය කිරීමට තැත් කළ පුද්ගලයකු මාල⁣ඹේදී අත්අඩංගුවට

by Staff writer 09-08-2020 | 5:00 PM

COLOMBO ( News 1st ) : විදේශීය කාන්තාවක් අපයෝජනය කිරීමට තැත් කළ පුද්ගලයකු මාලඹේ, උයන , වැලිවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ සැකකරු මාලඹේ පදිංචි පිලිපීන ජාතික කාන්තාවක් සිටි නිවසකට අයුතු ලෙස ඇතුළු වී ඇති බවයි. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 300 ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. සැකකරු 30 හැවිරිදි අංගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු අද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.