වස්කඩුවට විදුලිය සැපයුම ඇණහිටි

වස්කඩුවේදී කන්ටේනරයක් අධිබලැති විදුලි රැහැනක ගැටෙයි

by Staff writer 09-08-2020 | 1:22 PM

COLOMBO (News 1st) - අධිබල විදුලි රැහැනක් කඩා වැටීමෙන් කළුතර, වස්කඩුව ප්‍රදේශයේ නිවාස 1000 කට පමණ විදුලිය සැපයුම ඇණහිට තිබේ.

ඒ, කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලොරි රථයක්, මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙනි. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීම මේ වනවිට සිදු කෙරෙන බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/636940413620568/