උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

වන අලියෙකු ගැටීම නිසා උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 09-08-2020 | 8:51 AM

COLOMBO (News 1st) - උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

ඒ, කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය කෙරුණු සීඝ්‍රග්‍රාමී දුම්රියක වන අලියෙකු ගැටීම හේතුවෙනි. මාන්කුලම් සහ පුලියන්කුලම් දුම්රිය ස්ථාන අතර අනතුර සිදුව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි.