මන්ත්‍රීවරුන් 196 කගේ නම් ගැසට් කෙරේ

මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ

by Staff writer 09-08-2020 | 7:27 AM

COLOMBO (News 1st) - මහ මැතිවරණයෙන් තේරීපත් වූ අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, එක් එක් දේශපාලන පක්ෂවලින් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 196 කගේ නම් එලෙස ගැසට් කළ බවයි. දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර පසුව ගැසට් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර 17 ට සුදුස්සන් නම් කර මැතිවරණ කොමිසමට භාර දී තිබේ. සෙසු දේශපාලන පක්ෂවලන ජාතික ලැයිස්තු මෙතෙක් භාර දී නොමැති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. මේ අතර තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා සුදුස්සෙකු නම් කිරීමට අපේ ජන බලපක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රීයේ පැවැත්විය. එම පක්ෂයේ අනුශාසක පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ, එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බවයි. මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය..