පොලිස් නිලධාරීන්ට අත් බෝම්බයක් එල්ල කළ අයෙක් කොටු

පොලිස් නිලධාරීන්ට අත් බෝම්බයක් එල්ල කර පළා යාමට තැත් කළ වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 09-08-2020 | 5:23 PM

COLOMBO ( News 1st ) : වැල්ලවාය, ගම්පංගුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පළා යාමට තැත් කළ වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එම අත් බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට තැත් කර ඇති බවයි. වැල්ලවාය අධිකරණයේ විභාග වන නඩුවක වරෙන්තුකරුවෙකු වන ඔහු 32 හැවිරිදි වැල්ලවාය, ගම්පංගුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පුපුරා නොගිය අත් බෝම්බය විසි කරන ලද ස්ථානයේම පොලිස් ආරක්ෂාව යටතේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවා නිෂ්ක්‍රීය කිරීමට නියමිතව තිබේ.