දඹුල්ලේ රජයේ ඉඩමක් කොරෝනා අස්සේ ඩෝසර් කරලා...?

දඹුල්ලේ රජයේ ඉඩමක් කොරෝනා අස්සේ ඩෝසර් කරලා...?

by Staff writer 09-08-2020 | 9:33 PM

COLOMBO ( News 1st ) : දඹුල්ල, සිසිරවත්ත ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් වෙනත් පාර්ශවයක් විසින් ඩෝසර් කරනු ලැබ ඇති බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා එල්ල වේ.

සිසිරවත්ත ප්‍රදේශයේ පිහිටි අක්කර 4 කට අධික වපසරියක් සහිත මෙම භූමිය රජයේ ඉඩමක් බව ප්‍රදේශවාසීන් ජනතාව පවසන්නේ කලක සිට ය. ප්‍රදේශවාසීන් -
"62 බොරළු කපලා තියෙන්නේ. 60 තමයි අපි දැන් ඉන්නේ මේ. එතකොට ඒකේ. මේ තියෙන්නේ 60 ඉඩම රජය සතු ඉඩමකි"
කෙසේ වෙතත් කොරෝනා වෛරසය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේ කිසියම් පාර්ශවයක් මේ ඉඩම ඩෝසර් කර තිබුණි.
ප්‍රදේශවාසීන් - "කිසිම බලපත්‍රයක් නැතුව මේ රජයේ කැළේ කපලා ඩෝසර් කරනකන් කිසිම නිලධාරියෙක් මේක බැලුවේ නෑ"
ඩෝසර් කිරීමෙන් පසු එම පාර්ශවය එහි බෝග වගා කර තිබේ. ග්‍රාම නිලධාරී ඇතුළු වගකිවයුත්තන්ට මේ පිළිබඳව දැනුම් දුන් නමුත් කිසිවෙකු නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බව ද ප්‍රදේශවාසීන් පැවසුවේ ය. ප්‍රදේශවාසීන් -
"අපි ක්‍රීඩා පිටියකට ඉල්ලන්නේ අවුරුදු 2ක් තිස්සේ. අපි භූ විද්‍යා පතල් කාර්යාංශයේ එතකොට ප්‍රාදේශීය ලේකම් හැම කෙනෙක්ම ලිඛිතව දැන් අවසර අරන් තියෙන්නේ දැන් අවුරුදු 2ක් තිස්සේ. අපිට ග්‍රාම සේවක කිව්වා ඇතුළු වෙන්න එපා . එතකොට අපි ඇතුළු වුණේ නෑ . අපි නීතියෙන් ක්‍රියාත්මක කළේ. දැන් එයා ඇවිත් මේකේ වැටවල් ගහලා එයාගේ කියලා භුක්ති විදින්න සූදානම් වෙනවා" "සමෘද්ධි එයා කරන්නේ රජයේ රැකියාවක් කරන්නේ. ඒ සර් තමයි ඔක්කොම මෙහෙම ඩෝසර් කරලා ඉවර වෙලා ගින්දර දාලා ඔක්කොම කරලා අඹ පැළ හදලා තියෙන්නේ, පොල් පැළ, අඹ පැළ"
ප්‍රදේශවාසීන්ගේ චෝදනාව එල්ල වන්නේ සමෘද්ධි නිලධාරීවරයෙකුටයි. කණ්ඩලම කලාපයේ සමෘද්ධි නිලධාරී සුරේෂ් ශිරන්ත හේරත් මහතා
"මේක මගේ දෙමව්පියන්ගේ කාලේ ඉදලා අවුරුදු 30ක් 35 ක් භුක්ති විදපු ඉඩමක්. මේක මේ දේශපාලන වාසි ගන්න දේශපාලන කාලෙට ඇදලා ගන්න සිද්ධියක් මේක. මොකද මම රජයේ සේවකයෙක් නිසා මම දීර්ඝ කාලීන බදු ඉල්ලලා ව්‍යාපෘති වාර්තාවකුත් එක්ක තමයි මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දීලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මම මේ සංවර්ධන කටයුතු කරගෙන ගියේ"
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය -
ලියකිවිලි තියනවාද?
සුරේෂ් ශිරන්ත හේරත් මහතා -
"2012 මගේ නෝනා ඉදිරිපත් වෙලා තියනවා ඉඩම් කච්චේරියට. නමුත් ඒකෙදී ප්‍රතික්ෂේප වෙලා තියනවා. නමුත් අපි භුක්ති විදපු ඉඩමක්. ඒකයි මට කියන්න තියෙන්නේ"
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට ද පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි සඳහන් ය. අප මේ පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන් විමසීමක් කළේ ය. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා -
"රජයේ ඉඩමක් . පොදු ඉල්ලීමක් ඇවිත් තියනවා ක්‍රීඩා පිටියකට. පෞද්ගලික ඉල්ලීමක් තියනවා අඹ වවන්න. අපි ඉදිරි රැස්වීමේදී සාකච්ඡා කරලා තීරණයක් දෙනවා" https://www.facebook.com/NewsfirstSL/videos/1681638905326243/