ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 09-08-2020 | 6:24 AM

දේශීය පුවත්

1. වැඩබලන චීන තානාපති මහින්ද රාජපක්ෂ හමුවෙයි: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට චීනයේ කොමියුනිට්ස් පක්ෂයේ සුබ පැතුම් හිමිව තිබේ. 2. ශ්‍රී ලනිපයේ විශේෂ රැස්වීමක් හෙට: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. 3. රුවන්වැල්ලේ නිධන් හැරූ කණ්ඩායම් දෙකක් අත්අඩංගුවට: රුවන්වැල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකක නිදන් හැරූ කණ්ඩායම් දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ. 4. කුරුණෑගල නගරාධිපතිගෙන් නාමල් කරුණාරත්නට එන්තරවාසියක්: කුරුණෑගල නගරාධිපතිවරයා, හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතාට යැවූ එන්තරවාසියක් සම්බන්ධයෙන් කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේ ය.

විදෙස් පුවත්

5. ඉන්දීය ගුවන් අනතුරින් 17 දෙනෙකු මරුට: ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කොෂිකෝඩ් ගුවන්තොටුපොළේ සිදු වූ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.