ඡන්දයකදී හැමෝම දිනන්නේ නෑ..

කතානායක ධුරය මෛත්‍රීපාල සිරිසේනට ද? - දයාසිරිගෙන් මාධ්‍යවේදීන් විමසයි

by Staff writer 09-08-2020 | 9:07 PM

COLOMBO ( News 1st ) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේදී රැස්විය.

අද පෙරවරුවේ පැවැත්වුණු මෙම රැස්වීමට පැවැති මහ මැතිවරණයට තරග කර ජයගත් අපේක්ෂකයින් ගණන 14 දෙනා කැඳවා තිබුණි. පක්ෂය මහ ලේකම් දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් මෙම රැස්වීමට සහභාගී විය. රැස්වීම පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා -
"ඉදිරි පාර්ලිමේන්තුවේ ඕන ක්‍රියාවලියකදී අපි අපේ ශක්තිය දෙනවා"
මාධ්‍යවේදී ප්‍රශ්නය -
කිහිප දෙනෙක් පරාජය වුණා නේද ?
දයාසිරි ජයසේකර මහතා -
"ඡන්දයකදී එහෙම තමයි හැමෝම දින්නේ නැහැනේ"
මාධ්‍යවේදී ප්‍රශ්නය -
කැබිනට් අමාත්‍ය ධූර?
දයාසිරි ජයසේකර මහතා -
"දන්නේ නැහැ ඒ ගැන කතා කරන්න ඕනේ"
මාධ්‍යවේදී ප්‍රශ්නය -
කතානායක ධුරය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාව යෝජනා වෙනවද ?
දයාසිරි ජයසේකර මහතා -
"තාම තීන්දුවක් නැහැ අපි බලමු. 20 වැනිදානේ පාර්ලිමේන්තුව තියෙන්නේ"