ඇත්තටම මැරණේ අංගොඩ ලොක්කාද?

ඇත්තටම මැරණේ අංගොඩ ලොක්කාද?

by Staff writer 09-08-2020 | 9:17 PM

COLOMBO ( News 1st ) : මෙරට පාතාලයට සම්බන්ධ අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා යැයි සැක කෙරෙන පුද්ගලයාගේ මරණය විෂ ශරීරගත වීමකින් සිදුවූවක් විය හැකි බවට ඉන්දීය පොලීසිය සැක පළ කරයි.

''ටයිම්ස් ඔෆ් ඉන්දියා'' පුවත්පත ඉන්දීය පොලිසීයේ මුලාශ්‍රයක් උපුටා දක්වමින් මේ බව වාර්තා කළේ ය. එම වාර්තාවේ දැක්වෙන්නේ කොයිම්බතුර්හී, චේරාන් මහා නගර් හි කුලී නිවසකදී අංගොඩ ලොක්කා යැයි සැක කෙරෙන පුද්ගලයා මිය ගිය බවට වාර්තා පවතින බවයි. පසුගිය මස 03 වැනිදා ඔහු මිය ගොස් ඇති අතර කොයිම්බතුර් වෛද්‍ය විද්‍යාල රෝහල විසින් පශ්චාත් මරණ පරීක්ෂණය ඊට දින දෙකකට පසු සිදු කර තිබේ. එම වාර්තාවට අනුව බාහිර හෝ අභ්‍යන්තර හානි වීම් නොතිබුණද අතේ එක් ඇඟිල්ලක් සහ පාදයේ නියපොත්තක් නිල් පැහැ ගැන්වී තිබූ බවට සඳහන් ය. ''ටයිම්ස් ඔෆ් ඉන්දියා'' වාර්තාවේ දැක්වෙන්නේ CID අපරාධ අංශය ඇඟිලි සලකුණු භාවිතා කරමින් අංගොඩ ලොක්කාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට උත්සාහ කරන බවයි. අංගොඩ ලොක්කා ඉල්ලුවගේ සඳුන් නමින් ව්‍යාජ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කර තමිල්නාඩුවට ඇතුළු වී ඇති බවත් යළි එය භාවිතා කරමින් 2017 වසරේ ජුනි 9 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණිමට යාමේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් ''ටයිම්ස් ඔෆ් ඉන්දියා'' පවසයි. එහිදී ඉන්දීය ආරක්ෂක අංශ අංගොඩ ලොක්කාගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඇති බවද එම වාර්තාවේ සඳහන් ය. අංගොඩ ලොක්කා යැයි විශ්වාස කරන පුද්ගයාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා දින 07 ක කාලයක් පොලිස් භාරයට ලබාදෙන ලෙස මේ වනවිට එරට අධිකරණය වෙත පෙත්සමක් ද ඉදිරිපත්ව තිබේ. ඒ, කොළඹ පදිංචිකාරියක බවට සැලකෙන අමානි තාංජි ලෙසින් හැඳින්වෙන තැනත්තියක මදුරෙයි ප්‍රදේශයේ නීතිඥයෙකු වන සිවකාමි සුන්දරී හා ඇයගේ මිත්‍රයෙකු වන දායනේෂ්වර්න් නැමති තුන්දෙනා ය. ඝාතන සිදුවීමට සම්බන්ධ නඩුව මෙන්ම ව්‍යාජ ලේඛන ඔස්සේ ඉන්දියාවේ රැදී සිටීම යන වැරදි මත නඩු දෙකක් මොවුන්ට එරෙහිව ඉන්දියානු අධිකරණ හමුවේ පවතී. https://www.facebook.com/NewsfirstSL/videos/296981138299011/