අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවයි

by Staff writer 09-08-2020 | 1:24 PM

News 1st - අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ, එරටින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවීමත් සමගය. මේ අනුව අමෙරිකාවේ දිවිගෙවන පුද්ගලයින් සෑම 66 දෙනෙකුගෙන් අයෙකුටම කොරෝනා ආසාදනය වී ඇතැයි ද සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන්නේ ද අමෙරිකාවෙනි. එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හැට දහස ඉක්මවන අතර එය ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවෙන් හතරෙන් එකකට ආසන්නය. නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි අනූ අට ලක්ෂයකට ආසන්නය. ලොව කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 728,581 ක් ලෙසය. කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව ද එක්කෝටි 27 ලක්ෂය ඉක්මවනු ඇති.