සමගි ජන බලවේගයෙන් විවෘත ආරාධනයක්

සමගි ජන බලවේගය සමග අත්වැල් බැදගන්නැයි, සජිත්ගෙන් ඇරයුමක්

by Staff writer 08-08-2020 | 8:09 PM
COLOMBO (News 1st) : සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා පැවති මැතිවරණයේදී සමගි ජනබලවේගයට ඡන්දය ලබා දුන් සියලු ඡන්දදායකයින්ට අද සිය ස්තූතිය පිරිනැමී ය. අද එම පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රේමදාස මහතා පැවසුවේ, ලද වරමත් සමග ඉතිහාසයේ දැවන්තම ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ආරම්භ කළ බවයි. අසත්‍යය පරාජය කර සත්‍යය ජයග්‍රහණය කරවීමට සිය පක්ෂයට හැකියාව ලැබුණු බවද ඔහු එහිදී පැවසී ය.
''අපි ඔප්පු කරලා පෙන්නුවා මුදල් ගොඩනැගිලි නෙමෙයි සම්පත නෙමෙයි වැදගත් වන්නේ ජනතා සම්පත වට කරලාම ගල් ගසද්දි අපිට පුළුවන් වුණා ශක්තිමත් ගමනක් ආරම්භ කරන්න. අපිට පුළුවන් කම ලැබුණා අසත්‍යය පරාජය කරලා සත්‍යය ජයග්‍රහණය කරවන්න. අපේ ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ මේ තරම් ජන බලවේගයක් ගොඩනගපු එකම දේශපාලන බලවේගය අපේ සමගි ජන බලවේගය. ඒ නිසා අපිට බොහොම සුබ වාදී අනාගතයක් තියනවා.ඒ ආනාගතය තුළ අපි අදහස් කරනවා රටේ සියළුම දේශපාලන බල මුළු ගොනු කරගෙන සියළුම ජන කොට්ඨාසයන් ඒකරාශී කරගෙන සත් ජාතිකත්ව ප්‍රතිපත්තිය තුළ ශක්තිමත් ගමනක් ඉදිරියට ක්‍රියාත්මක කරන්න''
එමෙන්ම ඉදිරි පළාත් පළාන ඡන්ද විමසීම්වලදී ද අභියෝගවලට මුහුණ දීමට සූදානම් බව ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් පැවසී ය.
''ඒ වගේම ඉදිරියේදී තිබෙන පළාත් සභා පළාත් පාලන ආයතන අභියෝගවලටත් අපි මුහුණ දෙන්නට සූදානම්.රටේම පළාත් සභා පාළාත් පාලන මන්ත්‍රී කම් දරපු දරණ සියළු දෙනාටම කියන්න කැමතියි අපි ලෑස්තියි ඔබ සියළු දෙනාටම විවෘත ආරාධනාවක් කරන්න සම්බන්ධ නොවුණු සියළු දොනටම සමගි ජනබලවේගයත් සමග අත්වැල් බැදගෙන ඒ ගමන ජයග්‍රාහී ගමනක් කරන්න අපි කටයුතු කරනවා''
එක්සත් ජාතික පක්ෂයට කුමක් සිදුවූයේ දැයි මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රේමදාස මහතාගෙන් විමසා සිටියේ ය. ඔහු ඊට ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි . ''මම ඒක ගැන විග්‍රහයක් කරන්නේ නෑ.ඔබතුමා ප්‍රතිළුල බැලුවනේ.බැලුවද? ඒ බැලුවනම් ඕනම කෙනෙකුට ඒක තේරෙනවා.මම ඒක ගැන අළුත් විග්‍රහක් කරන්නට යන්නේ නෑ. මොකද මම හිතනවා මේ සියළු දෙනාම සමගි ජන බලවේගයත් සමග එකතු වෙනවා නොඅනු මානයි.මෙතන තමයි දේශපාලන ඉදිරිගමන තියෙන්නේ'' 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයකට පැමිණිය හොත් සහයෝගය දෙන්නේ ද යන්න සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරිණ. එහිදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමට විරුද්ධ බවයි. ''සංසෝදනය කියන එක එකක් සම්පූර්ණයෙන්ම අයින් කිරීම කියන්නේ එකක්.19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපනය කරපු ඒ යහපාලන ආයතන තවදුරටත් කාර්යක්ෂම කිරීම , ශක්තිමත් කිරීම,ස්වාදීනත්වය වර්ධනය කිරීම,දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොරව ඒ ආයතන ක්‍රියාත්මක කිරීම ඒ වගේ සංශෝධන අපි කරන්නට ඕන. අවංක පිරිසිදු රටක් උදෙසා කරන ඕනම දේකට අපි ලෑස්තියි. 19ඉවත් කරනවට අපි තරයේ විරුද්ධයි. ඒ 19 බිහිවුනු ආයතන වඩාත් නිර්දේශපාලනීකරණය කිරීම ඒ නිලධාරීන්ට අපක්ෂපාතීව සාදාරණව කටයුතු කිරීම කාර්යක්ෂම සේවාවක් ඉශ්ඨ කිරීම ඒ වගේ වැඩ වලට ඒ වගේ සංශෝධන වලට අපි එකඟයි'' මෙහිදී එජපයේ බෙදීම සම්බන්ධයෙන් විමසූ පැනය සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි පිළිතුරක් ලබා දුන්නේ ය. ''මේ අළුත් දේශපාලන බලවේගය නිර්මාණය වුනේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් අනුව.ඉතින් හරියට කකුලෙන් අදින්නේ නැතුව අර පාපිස්ස අදින්නේ නැතුව වැඩකටයුතු කලානම් පාපිස්ස ඇදලා කකුල් මාට්ටු දාන්නේ නැතුව වැඩකටයුතු කලානම් ඒකට මං හිතනවා මීට වැඩිය ප්‍රගතියක් ලබන්න තිබුණා.අනිවාර්යෙන්ම''