විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම යළිත්

විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද සිට යළිත් ඇරඹේ..

by Staff writer 08-08-2020 | 8:50 AM

COLOMBO ( News 1st ) : විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද සිට යළි ආරම්භ වේ.

ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ ඒ අනුව ඩුබායි සිට 400 දෙන‍ෙකු අද දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවයි. මීට අමතරව මාලදිවයින , ඕස්ට්‍රේලියාව , කටාර් , ඕමාන් , බහරේන් , මැලේසියාව , සිංගප්පුරුව මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් වල රැඳී සිටින ලාංකිකයන් ද ඉදිරි දිනවලදී දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතව ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම පසුගිය 4 වැනිදා සිට තාවකාලිකව අත්හිටවනු ලැබුවේ ය. ඒ , මහ මැතිවරණය හේතුවෙන් ය.