රුවන්වැල්ලේ නිධන් හැරූ කණ්ඩායම් දෙකක් අත්අඩංගුවට

රුවන්වැල්ලේ නිධන් හැරූ කණ්ඩායම් දෙකක් අත්අඩංගුවට

by Staff writer 08-08-2020 | 9:31 PM
COLOMBO (News 1st) : රුවන්වැල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකක නිදන් හැරූ කණ්ඩායම් දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම් සිදුකර තිබේ. රුවල්වැල්ල ගෝනගල ඉපිලියාගල ප්‍රදේශයේ නිවසක් අසල කළු ගලක් කඩා නිධන් සෙවීමේ නිරත පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනිණ. ඔවුන් අවුරුදු 30ත් 60ත් අතර වයයේ පසුවන වැල්ලම්පිටිය , රාගම , කඩවත ,කැගල්ල, අව්ස්සාවේල්ල හා රුවන්වැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මෙහිදි නිධන් හැරීම සඳහා භාවිත කළ උපකරණ ඇතුළු පූජා භාණ්ඩ පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඊට අමතරව අත්අඩංගුවට පත් පිරිස සතු වෑන් රථයක් ද සිය භාරයට ගත් බවයි. මේ අතර රුවන්වැල්ල පරවිගල ප්‍රදේශයේ නිධන් හැරූ තවත් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රුවන්වැල්ල පොලිසිය සමත් විය. සීගිරය, අනුරාධපුර, කොස්ගම , අවිස්සාවේල්ල හා රුවන්වැල්ල යන ප්‍රාදේශවල පදිංචිකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසී ය. ඔවුන් සන්තකයේ තිබී පූජා භාණ්ඩ ඇතුළු නිධන් හැරීම සඳහා භාවිත කළ උපකරණ සොයා ගැනිණ. මෙහිදී සැකකරුවන් සතු මෝටර් රථයක් හා යතුරු පැදියක් ද සිය භාරයට ගත් බව පොලිසිය පැවසී ය. https://www.facebook.com/NewsfirstSL/videos/301872544369582/