ධීවරයින්ට ධීවර දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

මුහුදු යාමේදී සැලකිලිමත් වන්නැයි, ධීවරයින්ට දැනුම්දීමක්

by Staff writer 08-08-2020 | 3:12 PM
COLOMBO (News1st) : මුහුදු යාමේදී සැලකිලිමත් වන ලෙස කුඩා ධීවර යාත්‍රාවලට ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමිටර් 40-50 ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල රළ ඉහළ යාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි. වෙරල ආසන්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.