මැතිවරණයට ගත් පාසල් විෂබීජහරණයට පියවර

මැතිවරණයට ගත් පාසල් විෂබීජහරණයට පියවර

by Staff writer 08-08-2020 | 7:30 AM

COLOMBO ( News 1st ) : මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගත් පාසල් විෂබීජහරණයට පියවර ගෙන තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ , පාසල් 45 ක් , තාක්ෂණ විද්‍යාල ඇතුළු රජයේ ආයතන 21 ක් ද ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගත් බවයි. අදාළ පරිශ්‍ර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ විෂබීජහරණය කරනු ඇති.