''පොළොවෙ පය ගහන්නෙ නැතුව මේ වැඩේ කරන්න බෑ''

''පොළොවෙ පය ගහන්නෙ නැතුව මේ වැඩේ කරන්න බෑ'' - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

by Staff writer 08-08-2020 | 8:22 PM
COLOMBO (News 1st) : නාරාහේන්පිට අභයාරම විහාරාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද මාධ්‍ය හමුවක් කැඳවා අභිනවයයෙන් පත් වූ නව රජය වැඩකටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.
''පත්වෙච්ච අපේක්ෂකයෝ මුලින්ම තේරුම්ගන්නට ඕනෑ පොලොව අඩිය තියලා ගමන් කරන්න. පොලොවේ පය ගහලා නැතුවනම් මේ වැඩේ කරන්න බැ, මොකද අපිට තනතුරක් ලැබෙනකොට අපි සමහරවිටක ඉන්න තැනත් අමතක කරන තත්තවයකට පත්වෙලා තියෙන්නේ. මුලින්ම කරන එකම දේ තමයි ඉල්ලිම තමයි ඔබ මොන විදිහේ ඇමතිකම් ලැබුවත් මොන තරාතිරමක හිටියත් මොන විදිහේ යානවාහන ගෙවල් දොරවල් පරිත්‍යාග කලත් ඔබ මුල අමතක කරන්න එපා. මෙතනට එන්න අපිව පත් කරේ අපේ කවුරුවත් නෙවෙයි අපේ ජනතාවයි. එහෙමනම් මුලින්ම කලයුත්තේ ඔබ ජනතාවට ඇහුම්කම් දීමයි. ජනතාවට නම්‍යශිලි වීමයි. එහෙමනම් මෙවර මේ පාර්ලිමේන්තුව තුල විනය කියන එක මුලින්ම තිබිය යුතු දෙයක් බවට පත්වෙන්නට ඕන''
අග්‍රාමාත්‍යවරයා තීරණ ගැනීමේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද මුරැත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙහිදී අදහස් පළ කළේ ය.
''අගමැතිතුමා හොද හිතක් තිබෙන පුද්ගලයෙක් මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ. නමුත් ඒ උණුවෙන හිත වුනත් උණුවෙන තැන් වල උණූ වෙන්න ඕන දැඩිව ගන්න ඕන තැනිවල දැඩිව ගන්න ඕන අගමැතිතුමා වුනත්. නොයෙක් විදිහේ බැටළු හම පොරවාගෙන වෙස්වලාගෙන අපිට නම් නොයෙක් අය අපි ලඟට එනවා. ඒ එන්නේ හොදකට එනවා නොවෙයි. ඉස්සරවෙලා ඒවා තේරුම්ගන්නට ඕනෑ ඒගොල්ලෝත්. ගියසැරේ වුනේ ඒවා හරියට අවවාද අනුශාසනා ආදිය පිළිනොගෙන හිතුවක්කාරව දඩබ්බරව අත්තනෝමතිකව කටයුතු කරපු නිසා තමයි එදා එවැනි තත්තවයකට පත්වුනේ''
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණෙන් කොළඹ දිස්ත්‍රික්තයේ වැඩිම මනාප ලබා ගත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද පෙරවරුවේ නාරාහේන්පිට අභයාරම විහාරාධිපති පුජ්‍ය මුරැත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. කුමන ආකාරයේ අමාත්‍යංශයක් බලපොරොත්තු වන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදීන් වීරසේකර මහතාගේ විමසා සිටියේ ය.
''ඔව් ඉතිං අමාත්‍යධුරයක් පිලිබදව නම් අපිට බලපෑම් කරන්න බෑ ඒක රඳා පවතින්නේ ජනාධිපිතතුමාගේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ සහ අගමැතිතුමාගේ අතේ. එතුමන්ලා මම හිතන්නේ සුදුසු තීරණයක් ගනීවී. නමුත් ඇත්තෙන්ම මට අවශ්‍ය වෙන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යෙය් දැක්ම යථාර්ථයක් කරන්න වගේම කොළඹ දිස්ත්‍රික්කයේ සහ කොළඹ නගරය මේ ආසියාවේම ශීඝ්‍රයෙන් දියුණු වෙන සහ සුන්දරම නගරයක් බවට පත්කිරිමේ සිහිනය ඉතාමත් ඉක්මනින් යථාර්ථයක් බවට පත්කරන්න. ඒක කරන්න පුලුවන් ඇත්තටම අමාත්‍යංශයක් ලැබුනොත් ඇත්තවශයෙන්ම මම ඉතාමත් සතුටුවෙනවා. මම හිතන්නේ 19 වෙනි සංශෝධනය ඉතාමත් අහිතකරයි ඒක සම්පුර්ණයෙන්ම අහෝසි කලයුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. ඉතිං නව ව්‍යවස්ථාවක් තුලින් අපිට පුලුවන් ඉදිරියට යන්න'' https://www.facebook.com/NewsfirstSL/videos/621288752117754/