පිට රටවල සිටි ලාංකිකයන් 28 දෙනෙකු දිවයිනට..

පිට රටවල සිටි ලාංකිකයන් 28 දෙනෙකු දිවයිනට..

by Staff writer 08-08-2020 | 2:07 PM

COLOMBO (News 1st) : කොරෝනා වසංගතය හේතුවෙන් විදේශ රටවල රැඳී සිටි ලාංකිකයන් 28 දෙනෙකු අද දිවයිනට පැමිණියේ ය.

කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර කළමනාකාරවරයා සඳහන් කළේ , ඉන් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි බවයි. 21 දෙනෙකු කටාර්හි දෝහා සිට පැමිණ ඇති අතර 05 දෙනෙකු චීනයේ ෂැංහයි සිට පැමිණ තිබේ. ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපොළ තුළදීම PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන සඳහා යොමු කරනු ඇති. මහ මැතිවරණය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද යළි ආරම්භ විය. මේ අතර නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 68 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව වේ. යුද හමුදාව සඳහන් කළේ, පුද්ගලයින් 29,621 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවයි. මධ්‍යස්ථාන 33 ක පුද්ගලයින් 1856 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී . මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 2839 කි. අප්‍රේල් 30 වැනිදායින් පසු කිසිදු කොරෝනා ආසාධිතයෙකු සමාජයෙන් හමුවී නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය. මෙරට සුවය ලැබූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 2564 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාධිතයින් සංඛ්‍යාව 264 කි.