පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

by Staff writer 08-08-2020 | 9:04 AM

COLOMBO (News 1st) : පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, වැසි සහිත කාලගුණයක් සමග ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවයි. වසරේ ගතවූ කාල සීමාව තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 24,285 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.