පශ්චාත් මැතිවරණ සමයේ නීති කැඩූ දෙදෙනෙකු කොටු

පශ්චාත් මැතිවරණ සමයේ නීති උල්ලංඝණය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 08-08-2020 | 2:17 PM

COLOMBO (News 1st ) :  පශ්චාත් මැතිවරණ සමයේ නීති උල්ලංඝණය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාල සීමාව තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 4 කි. මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ , මේ දක්වා කිසිදු ප්‍රචණ්ඩ සිදුවීමක් වාර්තා වී නොමැති බවයි. මේ අතර නාම යෝජනා භාර දුන් දිනයේ සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 480 ක් ලැබී ඇතැයි පොලීසිය පවසයි. එහිදී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 561 කි. වාහන 165 ක් පොලීසිය භාරයට ගෙන තිබේ. මේ අතර පශ්චාත් මැතිවරණ කාල සීමාවේ කිසිදු ආකාරයක රැස්වීම්, පෙළපාලි ඇතුළු ඒකරාශිවීම් සිදු නොකරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.