තද සුළං හා රළු මුහුද පිළිබඳ කාලගුණයෙන් දැනුම්දීමක්

තද සුළං හා රළු මුහුද පිළිබඳ කාලගුණයෙන් දැනුම්දීමක්..

by Staff writer 08-08-2020 | 9:56 AM

COLOMBO (News 1st) : කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද සුළං හා රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතින බවයි. දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට , ත්‍රීකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.