ජාතික ලැයිස්තු නාම ලේඛනය සතියක් තුළ ඉල්ලයි

ජාතික ලැයිස්තු නාම ලේඛනය සතියක් තුළ ඉල්ලයි

by Staff writer 08-08-2020 | 7:22 AM

COLOMBO ( News 1st ) : ජාතික ලැයිස්තු නාම ලේඛන ඉදිරි දින 7 ඇතුළත ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී තිබේ.

මෙවර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 17 කි. සමගි ජනබල වේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 7 කි. ජාතික ජන බල වේගය , ඉලංගෙයි තමිල් අරසු පක්ෂය , අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය , අපේ ජනබල පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බැගින් හිමිවිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ඊයේ මැතිවරණ කොමිසමට භාර දුන්නේ ය. මේ අතර 2020 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභික නාම ලේඛනය සහිත ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කළේ , තේරී පත්වූ සභිකයින්ගේ නම් දිස්ත්‍රික් මට්ටමින් ලබා ගැනීම අවසන් අදියරේ පවතින බවයි.