කොමිෂන් සභා ගැන නැවත සිතා බැලිය යුතුයි - එස්.බී

කොමිෂන් සභා ගැන නැවත සිතා බැලිය යුතුයි - එස්.බී

by Staff writer 08-08-2020 | 9:09 PM
COLOMBO (News 1st) : නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, නව ඡන්ද ක්‍රමයක්, නව පාර්ලිමේන්තු ක්‍රමයක් නව කොමිෂන් සභා ක්‍රමයක් නිර්මාණය කරන බව එස්. බී . දිසානායක මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කර ජය ලැබු එස්. බී . දිසානායක මහතා මේ බව පැවසුවේ, අද හඟුරන්කෙත මාදම්වල ප්‍රරාණ රජමහා විහාරය ගොස් සංඝරත්නයේ ආශිවාද ලබා ගැනීමෙන් අනතුරුවයි. කොමිෂන් සභා තරම් දේශපාලනීකරණය වූ සභා ඉතිහාසයේ කිසි දිනෙක් පැවතී නොමැති බව ද එස්.බී. දිසා නායක මසහතා මෙහිදී පැවසී ය.
''අපිත් දන්නවා ඔබතුමන්ලත් දන්නවා සියලු දෙනාම දන්නවා මේ කොමිෂන් සභා තරම් දේශපාලනීකරණයට යටවෙච්ච සභාවල් මේ රටේ තිබුනේ නෑ ඉතිහාසයේ කවදාවත්. කොමිෂන් සභා ගැන නැවත සිතා බැලීම යෝග්‍යයි කියන එක මම හිතන්නේ මේ රටම පිලිඅරගෙන තියෙන දෙයක්. හොදට තේරෙනවා 19 වෙනි ආණඩුක්‍රම ව්‍යවස්ථාව තුල දෙවරකට වැඩි අයට තරඟ කරන්න බෑ කියලා කිව්වේ මහින්ද රාජපක්ෂ කපලා දාන්න. ඊලඟට දිවිත්ව පුරවැසියන්ට බෑ කියලා කිව්වේ ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැත්තකට තල්ලු කරන්න. බැසිල්ලා වගේ අය පැත්තකට තල්ලු කරන්න. ඉතිං මේවා හරිද? පුද්ගලයෝ ඉලක්ක කරගෙන නීති හදන එක. ඉතිං ඒක නිසා ඇත්තටම දැන් අපට තුනෙන් දෙකෙ බලයක් තියෙනවා. ඒ තුනෙන් දෙකෙ බලයෙන් අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, නව ඡන්ද ක්‍රමයක්, නව පාර්ලිමේන්තු ක්‍රමයක් නව කොමිෂන් සභා ක්‍රමයකට අපි රට ගෙනියලා වඩාත් ස්වාධීනව වඩාත් ස්වෛරී වඩාත් නිදහස් වඩා ප්‍රජාතන්ත්‍රවාදී තත්වයකට මේ රට ගෙන ඒම මම හිතන්නේ අතවශ්‍ය කාරණයක්'' https://www.facebook.com/NewsfirstSL/videos/378405386895690/