''පමා නොකර මට විරුද්ධව නඩුව දාන්න''

කුරුණෑගල නගරාධිපතිගෙන් නාමල් කරුණාරත්නට එන්තරවාසියක්

by Staff writer 08-08-2020 | 9:25 PM
COLOMBO (News 1st) : කුරුණෑගල නගරාධිපතිවරයා, හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතාට යැවූ එන්තරවාසියක් සම්බන්ධයෙන් අද කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේ ය. නාමල් කරුණාරත්න මහතා පැවසුවේ, ලක්ෂ 5000 ක මුදලක් ගෙවන ලෙස තමාට එන්තරවාසියක් එවා ඇති නමුත් තමන් ඔහුට සත පහක් හෝ නොගෙවන බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ, පමා නොකර තමාට විරුද්ධව නඩුව ගොනු කරන නගරාධිපතිට බල කර සිටින බවයි.
''ලක්ෂ 5000 ක මුදලක් නගරාධිපතිවරයාට ගෙවන්නලු නැතිනම් මට නඩු දානවලු දැන් මම කියන්න කැමැතියි සත පහක් ගෙවන්නේ නෑ. මට ගෙවන්න සල්ලිත් නෑ. සතපහක් ගෙවන්නේ නැ කරුනාකරලා මේ නඩුව පමා නොකර මට විරුද්ධව නඩුව දාන්න කියලා ඒ නගරාධිපතිට මේ වෙලාවේ මම බලකරලා කියනවා''  https://www.facebook.com/NewsfirstSL/videos/776901613080749/