එංගලන්ත-පකිස්ථාන පළමු තරගයේ සිව් වන දිනය අද

එංගලන්ත - පකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ සිව් වන දිනය අදයි

by Staff writer 08-08-2020 | 10:15 PM
COLOMBO (News 1st) : එංගලන්ත සහ පකිස්ථාන කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනය අදයි. ජයග්‍රහණය සඳහා ලකුණු 277 ක ඉලක්කයක් හඹා යන එංගලන්ත කණ්ඩායම කඩුළු 4 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 106 කි. එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය සියලු දෙනා දැවී ලකුණු 326 ක් රැස් කළේ ය. එංගලන්තය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 219 කි. අද සිව් වැනි දිනය ආරම්භයේ දෙවැනි ඉනිම වෙනුවෙන් පකිස්ථානය කඩුලු 8 ක් දැවී ලකුණු 137 ක් රැස් කර ගෙන සිටියේ ය. ඔවුන් සියලු දෙනා දැවී ගියේ දෙවැනි ඉනිමට ලකුණු 169 ක් රැස් කරමිනි. කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමුණු 2020 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 වසරේ ඕස්ට්‍රේලියාවේදීම පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. 2021 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වෙන අතර එහි සත්කාරකත්වය හිමිව ඇත්තේ ඉන්දීයාවටයි. මේ අතර ලබන වසරේ නවසීලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය 2022 වසරේ පෙබරවාරි දක්වා කල් දමා තිබේ. එහි කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොවන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.