උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

by Staff writer 08-08-2020 | 7:17 PM
COLOMBO (News 1st) : 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි. මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත් යොමු කර තිබූ සංඛ්‍යාව 61 248 කි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 0112 784 208, 0112 784 537, 0113 188 350 සහ 0113 140 314 යන දුරකතන අංක හරහා පාසල් විභාග ප්‍රතිඵල ශාඛාව ඇමතීමෙන් ලබාගත හැකියි.