ඉන්දීය ගුවන් අනතුරින් 17 දෙනෙකු මරුට

ඉන්දීය ගුවන් අනතුරින් 17 දෙනෙකු මරුට

by Staff writer 08-08-2020 | 7:52 AM

COLOMBO ( News 1st ) : ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කොෂිකෝඩ් ගුවන්තොටුපොළේ සිදුවූ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ ඩුබායි සිට පැමිණි ඉන්දීය ගුවන් යානයක් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට යාමේදී ධාවන පථයෙන් ඉවතට ගොස් යානය දෙකඩ වී එම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් යානයේ නියමුවන් දෙදෙනාද මියගොස් තිබේ. තවත් 174 දෙනෙකු තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. යානය කොෂිකෝඩ් ගුවන්තොටුපොළට ගොඩබස්වා ඇත්තේ අධික වර්ෂාව මධ්‍යයේ ය. යානය ගුවන් පථයට ඉහළින් වට දෙකක් පියාසර කරමින් දෙවතාවක් ගොඩබැස්වීමට උත්සාහ කර ඇති අතර එහිදී මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද ඇතුළුව යානයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 190 කි.