by Staff writer 08-08-2020 | 2:24 PM
COLOMBO ( News 1st ) : වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තාප්පයට ඉහළින් කම්බිවලින් සකස් කරන ලද ආරක්ෂිත වැටක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ , බන්ධනාගාරය තුළට දිගින් දිගමට මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය විසි කිරීම් සිදුවන බවට නිරීක්ෂණය වී ඇති නිසා එම තීරණය ගත් බවයි.
බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය, ජංගම දුරකතන ඇතුළු විවිධ තහනම් භාණ්ඩ සහිත පාසල් විසි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු පැවසුවේ ය.
ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමග ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.