English
தமிழ்
කර්තෘ Staff writer
08 Aug, 2020 | 8:52 pm
COLOMBO (News 1st) : ලැබී ඇති බලතල නිසි ලෙස භාවිත කිරීම ආණ්ඩුවේ වගකීමක් බව සිංහල රාවය ජාතික සංවිධානය පවසයි.
එහි මහ ලේකම් පූජ්‍ය අක්මීමන දයාරතන හිමි පැවසුවේ, බලය පත් වූ කිසිවෙකු උදම් ඇනිය යුතු නැති බවත් මෙය ජනාධිපතිතුමාට දීපු පැහැදිලි ජනවරමක් බවත් ය.
”තුනෙන් දෙකක බලතල දීලා තියෙනවා ජනාධිපතිවරයාටත් අග්‍රමාත්‍යවරයාට ඇතිවෙච්ච විශ්වාසයක් මිසක් අපේක්ෂකයන්ගේ විශ්වාසයක් පිළිබඳව නෙමෙයි මේ ඡන්දය ප්‍රකාශ කරලා තියෙන්නේ කියන කාරණාව විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඒ වගේම කූඩුවලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාම අද එළියට දාලා තියෙනවා. සමහරක් දෙනෙක් මේ පාර්ලිමේන්තුවටත් තේරී පත්වෙලා ඇවිල්ල තියෙනව.. හැබැයි දකුණු පළාතෙන් බැලුවහම කූඩුවලට සම්බන්ධ වෙච්ච සමහර මැති ඇමතිවරු සම්පූර්ණයෙන්ම මේකෙන් අතුගාලා දාලා තියනවා.. මහ බැංකුව මහ දවල් හොරාකාපු හොර නඩය එලියට දාලා තියෙනවා. ජනාධිපතිතුමාට පැකිලීමකින් තොරව මේ රටේ අන්තවාදය පරාජය කරන්න ත්‍රස්තවාදය පරාජය කරන්න අවශ්‍ය කරන සම්පූර්ණ ශක්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගන්න එතුමාට බලය දීල තියෙනවා. මේ බලයට පත්වෙච්ච කිසිම අපේක්ෂකයෙකු උදම් අනන්න එපා මේ තමන්ගේ බලයක් නෙමෙයි. අපේ රටේ ජනාධිපති තුමාට දීපු පැහැදිලි ජනවරමක් කියන කාරණාව. මම හිතන්නේ නැහැ වර්තමාන ජනාධිපතිවරයා තමන්ට මේ ලැබිච්ච ජනවරම අප භාවිතා කරලා තමන්ට ආවේණික වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන එකක් නැහැ එතුමා සකස් කරන්නේ මේ රටේ ජනතාවට, මේ රටේ ඉදිරි කාලය තුළදී පැවැත්මට අවශ්‍ය කරන කාරණාවක් කියන එක මතක් කරන්න ඕන”
https://www.facebook.com/NewsfirstSL/videos/582351369126360/
20 Jan, 2021 | 09:55 PM
20 Jan, 2021 | 03:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS