ඉන්දීය ගුවන් අනතුර:මහින්ද රාජපක්ෂ කණගාටුව පල කරයි

ඉන්දීය ගුවන් අනතුර ගැන මහින්ද රාජපක්ෂ කණගාටුව පල කරයි

by Staff writer 08-08-2020 | 1:36 PM

COLOMBO (News 1st) : ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කොෂිකෝඩ් ගුවන්තොටුපොළේදී ඊයේ(07) සිදු වූ ගුවන් අනතුර සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා තම කණගාටුව ප්‍රකාශ කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ , අනතුරින් මියගිය අය වෙනුවෙන් මත ශෝකය ප්‍රකාශ කරන අතරම තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කරන බවයි. මෙම ඛේදජනක ගුවන් අනතුර ගැන දැනගත් විට තමා අතිශය කම්පාවට පත් වූ බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ. ඩුබායි සිට පැමිණි ඉන්දීය ගුවන් යානයක් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට යාමේදී ධාවන පථයෙන් ඉවතට ගොස් යානය දෙකඩ වී එම අනතුර සිදු විය. අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද ඇතුළුව යානයේ පුද්ගලයින් 190 ක් සිට ඇති අතර 17 දෙනෙකු මියගොස් තිබේ.